අර්ජුනගෙන් ක්‍රිකට් ආයතනයට දොස්

February 7, 2020

ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතා මාධ්‍යවලට සම්පූර්ණ නිදහස තිබෙන බව පැවසූවත්, ක්‍රිකට් ආයතනයේ හොරකම් ගැන හෙළිදරව් කරන පුවත්පත් මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ආයතනය තහනම් කර තිබෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මහතා පැවසීය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා මේ බව පවසා සිටි අතර, එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනය පිරිසිදු කිරීම සිය පළමු රාජකාරිය කර යුතු බවත්ය.

අපි දැක්කා ජනාධිපතිතුමා එක් එක් ආයතනවලට යනවා. නමුත් ක්‍රිකට් බෝඩ් එකේ තමයි ලොකුම හොරුටික ඉන්නේ.

මම හිතන්නේ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමා යන්න ඕන ක්‍රිකට් බෝඩ් එකට. ජනාධිපතිතුමා අපටත් එන්න කියනවානම්, අපිත් එන්නම්. ඔක්කොම හොරු ටිකත් පෙන්වන්නම්. ඒ නිසා ජනාධිපතිතුමා මුලින්ම ඇමතිතුමාත් එක්ක ක්‍රිකට් බෝඩ් එක සුද්ද කරන්න මූලිකත්වය ගත්තොත් හොඳයි

අපි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩාකරන්න වෙලා තිබෙනවා. නමුත් අපි 1975 ලෝක කුසලානය ගැහුවෙත් සුදුසුකම් ලැබීමේ වටයෙන් නෙමෙයි. අද අපි ඒ තත්ත්වයට වැටිලා ඉන්නේ. ඒ නිසා එතනින් එහාට පරිපාලනය ගැන කථාකරලා වැඩක් නැහැ.

t

o

p