සාලාව අවි ගබඩාව පිපිරි විපතට පත්වූවන්ට රුපියල් කෝටි 121 ක් ගෙවලා

February 6, 2020

සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරි යාම නිසා විපතට පත් වූ අයට සහ දේපළ සඳහා වන්දි වශයෙන් රුපියල් කෝටි 121 ක් ලබාදී ඇතැයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළෙද සහ ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රකාශ කළේය.

අවි ගබඩාව පිපිරීම නිසා මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදී ඇතැයි ද හානි වූ නිවාස හා දේපල වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව වන්දි ලබාදී ඇතැයි ද ඇමතිවරයා කීවේය.

වන්දි ලබාදීමේ දී අඩුපාඩු වී ඇත්නම් වත්මන් රජය ඒ සඳහා සාධාරණයක් ඉටු කිරීමට සුදානම් බවද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසීය.

t

o

p