චීනය වෙත කෙරෙන ගුවන් ගමන් ශ්‍රී ලංකන් සංශෝධනය කරයි

February 7, 2020

කොරෝනා ‍වෛරස් වසංගතය පැතිර යාමෙන් පසු විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය වර්තමාන වෙළෙඳ පොළ තත්ත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවා තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා තිබේ.

ඉල්ලුම පහත වැටීම හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් මේ වනවිටත් චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කර ඇති අතර, එයට හේතු වී ඇත්තේ චීන රජය විසින් එරට පුරවැසියන්ගේ විදේශ සංචාර සඳහා සීමාවන් පැනවීමයි.

එසේම කොළඹ සහ චීනයේ නගර කිහිපයක් අතර ක්‍රියාත්මක වන චීන ගුවන් සමාගම් හතරක් ද මෙලෙස සිය ගුවන් මෙහෙයුම් සීමා කර තිබේ.

t

o

p