කොරෝනා මරණ 500 ඉක්මවයි

February 6, 2020

චීනයේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 20000 අධික බව එරටින් ලැබෙන නවතම වාර්තා සඳහන් කරනවා.

ඊයේ දිනයට සාපේක්ෂව රෝගීන් 3235 ක් චීනයෙන් වාර්තාවී තිබෙනවා. එය 18% ක වැඩිවීමක්.

මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාධනයවී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා චීනයේ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පරීක්ෂණවලට භාජනය කර තිබේ.

කොරෝනා වෛරසය තවමත් වසංගතයක් නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

t

o

p