විශ්වවිද්‍යාල බැංකු ගිණුමකින් අන්තර්ජාලය හරහා කෝටි 3ක් අදී

February 6, 2020

අන්තර්ජාලය ඔස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී රුපියල් කෝටි 3 ක මුදලක් වංචා කිරීමට අදාළව විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලීසිය පැවසුවේ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අදාළ විශ්වවිද්‍යාලයේ කිරුළපන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිණුමකින් රුපියල් මිලියන 30ක මුදලක් වෙනත් ගිණුමකට වංචනික ලෙස බැර කර ඇති බවයි.

මෙම වංචාවට සම්බන්ධ විදේශිකයින් දෙදෙනා පසුගිය 3 වන දා කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනා ම මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාලය මගින් කරන මුදල් ගනුදෙනු සහ බැංකු කටයුතුවලදී Username සහ password විවිධ බැංකුවල වෙබ් පිටු ඔස්සේ හුවමාරු කර ගැනීමේදී අන්තර්ජාල වෙබ් පිටුවල විශ්වසනීත්වය සහ සත්‍යතාව තහවුරු කර වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

t

o

p