එක්සත් ජාතික පෙරමුණු නව සන්ධාන ලේකම්ට මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය

February 5, 2020

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ මහ ලේකම් ලෙස එක්සත් ජාතික පෙරමුණු මන්තී‍්‍ර කණ්ඩායම විසින් තමාගේ නම ඒකමතිකව යෝජනා කොට සම්මත කරනු ලැබු බව මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (05දා) පැවසීය.


ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව නමකින් සහ ලාංඡනයකින් නව සන්ධානය ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවද මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.


මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීමෙන් පසු පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී මාධ්‍යය හමුවක් කැඳවමින් තවදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණඩාර මහතා මෙසේද කීය.


පොදු සන්ධානයේ නායක ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පත්කිරීමට අප දැනටමත් තීරණය කර තිබෙනවා. මේ සංධානය පිහිටුවන්නේ පසුගිය සමයේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට ඉදිරිපත් වූ සියලූ පක්ෂ එක්වයි.


ඔවුන් සියලූ දෙනාගේම අනුමැතිය පරිදි සජිත් පේ‍්‍රමදාස මහතා පත්වන විට එම සංධානයේ මහ ලේකම් ලෙස මා පත් කිරීමට තීරණය කිරීම පිළිබදව ස්තුති වන්ත වෙනවා. මේ යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ මන්තී‍්‍ර කණ්ඩායමත් එක්සත් ජාතික පක්ෂ නායකතුමාත් අනුමැතිය ලබා දුන්නා. මා ඒ සියලූ දෙනාට මගේ ගෞරවණීය ස්තුතිය පළ කරනවා. වත්මන් දුර්දාන්ත පාලනයට එරෙහි සියළු බලවේගවලට අප සමග එක්වන්නැයි මා ආරාධනා කරනවා. නව මුහුණුවරකින් මේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ජනතාව අපගෙන් ඉල්ලුවා. අප සියලූ දෙනාම එක්ව සාකච්ඡා කොට මේ සන්ධානය පිහිටුවීමට අප තීරණය කළා අද ඒ සදහා අවශ්‍ය අනුමැතිය එක්සත් ජාතික පෙරමුණු මන්තී‍්‍ර කණ්ඩායමෙන් ලැබුණා. ඉදිරි දින කිහිපය තුළ නව නමකින් සහ ලාංඡුනයකින් නව සංධානය ලියාපදිංචිකිරීමට කටයුතු කරනවා.


මෙම සියලූ පාර්ශවවල ශක්තියෙන් ඉදිරි මහ මැතිවරණය ජයග‍්‍රාහී ගමනකට යන්නට අප අපගේ උපරිම ශක්තිය යොදවනවා. සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සියලූ මන්තී‍්‍රවරුන්ගෙන් මෙන්ම පාක්ෂිකයින්ගේ සහයෝගයෙන් අප ඉදිරියට යන බව අපි අවධාරණය කරනවා.
පොදු සන්ධානයේ මහ ලේකම් ලෙස එත්සත් ජාතික පෙරමුණු මන්තී‍්‍ර කණ්ඩායම විසින් මගේ නම අද ඒකමතිකව යෝජනා කරනු ලැබුවා.


ඉදිරි මැතිවණය වෙනුවෙන් මේ සංධානය පිහිටවූවත් අපි එක්සත් ජාතික පාත්ෂිකයින් බව කිව යුතුයි. මා සංධානයේ මහලේකම් ලෙස පත්කළ යොජනාව මීළග කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබේවි.


නම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ සන්ධානයේ නායකවරයායි. නාම යෝජනා මණ්ඩලය සඳහා සියලූ පක්ෂවල නියෝජනය තිබෙනවා.

t

o

p