රාවණා පිළිබඳ හේතුවාදී විමසුමක් යන මැයෙන් දෙසුමක් සහ කතිකාවක් මෙම පෙබරවාරි 07 සිකුරාදා ප.ව. 4.00 ට කොළඹ 08, බොරැල්ල කොටාපාරේ, ආචාර්ය ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වේ.
එම දෙසුම ජන විශ්වාස ගවේෂණ, ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ විසින් පවත්වන අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ, කැලණිය විශ්වවිද්‍යාලීය දර්ශණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ සහ ඉතිහාස ගවේෂක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත්අමරසිංහ යන විද්වත්හු මෙම කතිකාවට එක්වෙති.
මෙම විෂය පිළිබඳ උනන්දුවක් පළ කරන ඕනෑම අයෙකුට නොමිලයේ එක්විය හැකි මෙම දෙසුම සහ කතිකාව සංවිධානය කරනුයේ ශ්‍රී ලංකා හේතුවාදී සංගමය මගිනි.
මේ ඒ මුල්කොට එහි ප්‍රධාන දේශක තිලක් සේනාසිංහයන් සමඟ අප කළ කෙටි පිළිසඳරකි.
මොකද මේ හේතුවාදීන්ට හිටපුගමන් රාවණා මතක් වුණේ?
හේතුවාදය කියන්නේ සාම්ප්‍රදායික, ගතානුගතික චින්තනයන්ට ගැති නොවී හැඟීම් ආවේග වලට වහල් නොවී අප ජීවත් වන ලෝකයේ, සමාජයේ අත්දකින්නට ලැබෙන සංසිද්ධීන් තර්කානුකූල, යථාර්ථවාදී පදනමක් යටතේ විශ්ලේෂණය කොට අවබෝධ කර ගැනීමයි.
ඒ අනුව වර්තමාන සමාජයේ ජනකාන්ත තත්වයට පත්වුණු රාවණා සංකල්පයත් ඊට එක්කර ගැනීමේ වරදක් මාදකින්නේ නැහැ.
නමුත් රාවණා පිළිබඳ අප ජන සමාජය දැන සිටියේ අදක ඊයෙක නොවෙයි.
ඇත්ත, නමුත් මීට දශක කිහිපයකට කලින් අද වගේ රාවණා උනන්දුවක්, ප්‍රබෝධයක් උන්මාදයක් තිබුණෙ නැහැ. අනික ඉතා මෑතක් වන තුරුම අපේ ජන සමාජය හඳුනා ගෙන හිටියේ රාවණා මහා බලවත්, නමුත් නපුරු දුෂ්ට රජෙක් විදිහටයි.
ඔබ කොහොමද එය සහතික වශයෙන් කියන්නේ?
දහ අට වැනි සියවසේ දී විතර ලියැවුණු රාජාවලිය කියන සුප්‍රකට අපේ වංශකතා පොතේ ඉතා පැහැදිලිවම තිබෙනවා අතීතයේ රාවණාගේ අධර්මිෂ්ඨකමක් නිසා ඔහු ජීවත් වුණු රාවණා කෝට්ටෙත් එක්ක පහන් තුඩුවක්වගේ තියන මන්නාරමත්, තූත්තුකුඩියත් අතරේ තිබුණු මාලිගා විසිපහකුත් වීදි හාර ලක්ෂයකුත් මුහුදට බිලිවුණා කියලා.
එහෙම නම් අද මිනිස්සුන්ට රාවණා වීරයෙක් වුණේ කොහොමද?
විසිවන සියවසේ මුල් භාගය වෙන තුරු අපේ රටේ රජවෙලා තිබුණු ආර්ය සිංහල මතවාදයට සමාන්තරව පස්සේ ටිකෙන් ටික ‘හෙළ’ මතවාදයකුත් ගොඩනැගුණා. තියඩෝර් ජී. පෙරේරා පියතුමා වගේ භාෂා ශාස්ත්‍ර විශාරදයන් අරඹපු මේ ගමනට මුණිදාස කුමාරතුංග වගේ පඬිවරුන්ගෙන් නව ජවයක් ලැබුණා. නමුත් ඒ අය රාවණා මුල සිටම හඳුනා ගත්තේ භාෂාත්මක සහ මානව විද්‍යාත්මක මුහුණුවරින් මිසක් ඓතිහාසික මුහුණුවරකින් නොවෙයි. ඔය අතරේ 1983 ඇරඹුණු එල්.ටී.ටී.ඊ. යුද්ධයත් එක්ක තමයි අපේ රටේ සිංහලයන් අතරේ තිබුණු රාවණා සංකල්පයට අමුතුම පණක් ලැබුණේ
මොකක්ද ඒකට හේතුව?
යුද්ධයක් වගේ තත්වයකදී ඒ රටේ ජනතාවගේ මානසික පසුබෑමක් ඇතිවෙනවා. ඒ නිසාම ඒ මානසිකත්වය නැවත ගොඩනඟා ගන්න පරමාදර්ශ වුවමනා වෙනවා. රට, ජාතිය සහ බුදුසසුන බේරා ගැනීම සම්බන්ධ අපේ රටේ අසමසම පරමාදර්ශය තමයි දුටුගැමුණු. නමුත් අපේ රටේ ජීවත් වුණු බව කියන රාවණා බෞද්ධයෙක් නොවෙයි. නමුත් ඔහු අනා දිමත් කාලයකට පෙර ගුවන්යානා තාක්ෂණයක් පවා භාවිතා කළ මහාබලවතෙක් බව අපේ රටේ ජනතාව විශ්වාස කළා.
රාවණා බෞද්ධ නොවුණත් අපේ රටේභි භික්ෂුන්වහන්සේලා පවා රාවණා නමින් සංවිධාන පිහිටුවාගෙන තිබෙනවා.
ලංකා ඉතිහාසයේ බොහෝ අවස්ථාවල ජාතික අවශ්‍යතා මුල්කොට ඇතැම් භික්ෂුන්වහන්සේලා ගත් බෞද්ධ නොවන ක්‍රියාමාර්ග ගැන සඳහන් වෙනවා. ඒවා අතර බෞද්ධ විරෝධී ක්‍රියාවනුත් තිබෙනවා.
නමුත් ඔබ තුළ ඇත්තේ රාවණා ගැන එතරම් හොඳ ආකල්පයක් නොවෙයි.
රාවණා කියන්නේ අතීත සමාජයේ යුග නිරූපණය පිළිබඳ ප්‍රබල ප්‍රපංචයක් මිසක් පුද්ගලයෙක් නොවෙයි. නමුත් එල්.ටී.ටී.ඊ. යුද්දයෙන් පසුවත් නැවත නැවත පුනර්ජීවනයට ලක්වෙන මේ රාවණා සංකල්පය අද බරපතල විදිහට අවභාවිතා වෙනවා. අද රාවණාගේ නමින්විදේශීය රටවල ජීවත් වන සිංහලයන් පවා සංවිධාන පිහිටුවා අරමුදල් එක්රැස් කරනවා. ඒව කුමක් සඳහා භාවිතා වෙනවාද යන්න ගැටළුවක්. ඒ අතරේ රාවණා අඟහරු ලෝකෙත් එක්ක පවා සම්බන්ධතා පැවැත්වුවා වගේ ඔල්මොරොන්දම් කතා ජනමාධ්‍යවලින් පැතිර යනවා. ඒ විදියට සාමාන්‍ය ජනතාව තුළ රාවණා උන්මාදයක් ඇති වෙලා තියන නිසා අද මානසික රෝග වාට්ටු වලින් පවාතමන් රාවණා’යැයි කියා ගන්නා රෝගීන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
නමුත් රාවණා වෙදකම වගේ දේවල් මගින් ජනතාවට යම් සේවයක් වෙනවා නේද?
රාවණා ගුරුකම්, රාවණා වෙදකම් වගේ දේවල්වල කිසිම ශාස්ත්‍රීය පසුබිමක් නැහැ. අනික මීට අවුරුදු පණහකට, හැටකට කලින් දේවල් මතකයෙන් කියන්න පුළුවන් කෙනෙකුගෙන් අහන්න. ඒකාලේ අදව ගේරාවණා වෙදමැඳුරු තිබුණද කියලා. අද බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට රාවණා වෙදමැදුරු, ඔසුහල්, පහුගිය දවසක ගම්පහ ප්‍රදේශයේ රාවණා වෙද මැදුර නමින් මසාජ් ක්ලිනික් එකකුත් පටන්අරන් තිබුණා. බලන කොට ඒක ගණිකා මඩමක්!. ඔන්න අද රාවණාට අත්වුණු ඉරණම.
ඔයවගේ පසුබිමක් යටතේ තමයි මේවගේ කාලීන කතිකාවක අවශ්‍යතාව පැනනගින්නේ.
සංවාද සටහන – මනෝජ් රූපසිංහ