ලංකාවට එන සංචාරකයන් ගැන පසුවිපරම් කරන්න මෘදුකාංගයක්

January 31, 2020

මේ දිනවල ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

වෛද්‍යවරුන් කණ්ඩායමක් සමඟ ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හදුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන ඇතුළු යනෙන ස්ථාන පිළිබඳ සියලු තොරතුරු ලබා ගෙන මෙම මෘදුකාංගය හරහා විමසිල්ලෙන් පසුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. 

කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපළට අමතරව පලාලි ගුවන් තොටුපළ සහ කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය යන වරායයන් ආශ්‍රිතව ද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙල රැසක් ද ක්‍රියාත්මක බව පැවසූ ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවය එක්තරා ආකාරයක බුද්ධි සේවයක් ලෙසද ක්‍රියාත්මක වෙමින් යුහුසුලුව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

t

o

p