කථානායක නීතිපති දප්පුල ද ලිවේරා හමුවෙයි

January 30, 2020

ගරු කථානායක කරු ජයසූරිය මහතා සහ නීතිපති  දප්පුල ද ලිවේරා මහතා  අතර හමුවක් කථානායක නිල නිවසේදී පැවැත්විණි. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ගනු ලබූ තිරණයකට අනුව මෙම හමුව සිදු විය.

මෙම හමුවේදී, නීතිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ලද පියවරයන් පිළබඳව කථානායකතුමාව දීර්ඝව දැනුම්වත් කරන ලදී.

එම දීර්ඝ කරුණ පැහැදිලි කිරීම අවසානයේදී, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියේදී පියවර ගැනීමේදී අදාළ ආයතනවල අභිමානය ආරක්ෂා වන අයුරින් එම කටයුතු සිදුකිරීමේ වැදගත්කම පිලිබඳව කථානායකවරයාත් නීතිපතිවරයාත් එකඟතාවයකට පැමිණියහ.

t

o

p