‘කිලිනොච්චි සුනඛයන් මැරුවේ අපි නොවේ’රජයේ පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති.

January 30, 2020

පසුගිය දා කිලිනොච්චි රෝහල ආශ්‍රිතව සිදු වූ බව පැවසෙන සුනඛ සමූහ ඝාතනයට තම සංගමයේ සාමාජිකයන් හෝ සත්ව නිශ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුවන් වික්‍රමආරච්චි මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කොට සිටියේ එම සමූහ ඝාතන වලට තම සංගමයේ සාමාජිකයන්ගේ සහ ඉහත සඳහන් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ ඍජු හෝ වක්‍ර සබැඳියාවක් ඇති බවට පැතිර යන ආරංචි වලට ප්‍රතිචාර වශයෙනි.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ජාතික ජල භීතිකා මර්දන වැඩසටහන 2018 අප්‍රියෙල් මස සිට 2019 ජනවාරි තෙක් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව භාරයේ පැවති අතර එම කාල සීමාව තුළ එම වැඩසටහන 2006 වසරේ සිට රජය මගින් ක්‍රියාත්මක කොට තිබූ සුනඛයන් ඝාතනය නොකිරීමේ ප්‍රතිපත්තිය මත ආචාර ධර්මීය සහ සදාචාරාත්මක වශයෙන් දියත් කිරීමට එම දෙපාර්තමේන්තු පශු වෛද්‍ය නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කළ බව ය.

නමුදු 2019 ජනවාරි මාසයෙන් පසු රජය විසින් එම දෙපාර්තමේන්තුව සතුව තිබූ එම වැඩසටහන ඉන් ඉවත් කොට සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා දී ඇත.

තිලක් සේනාසිංහ

t

o

p