මසකට මුඛ ආවරණ ලක්ෂ 9 1/2ක් ඕනෑ වුවත් අංගොඩ ඇත්තේ ලක්ෂ 4යි

January 29, 2020

රජයේ රෝහල්වල භාවිතයට මසකට මුඛ ආවරණ ලක්ෂ නවයහමාරක් අවශ්‍ය වුවද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංගොඩ ගබඩාවෙහි ඇත්තේ ලක්ෂ හතරක සංඛ්‍යාවක් බව අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳීම එක් විකල්පයක් වුවද අවශ්‍ය තරම් මුඛ ආවරණ නොමැති වීම ඉදිරියේදී බරපතළ ගැටලුවක් විය හැකි බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මුඛ ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගනුයේ චීනයෙන් බවත් මේ අවස්ථාවේ දී චීනයෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් සදහන් වෙයි.

t

o

p