චීන ජාතිකයින්ට ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතියි

January 28, 2020

චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය පවසයි.

පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය වලංගු බවයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය කොරෝනා වෛරසය රට තුලට ඇතුලුවීම සහ පාලනය සදහා ගෙන ඇති පියවර සොයා බැලීම සදහා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙන ලදි.

මෙහිදී ගුවන්තොටුපලේ සවිකොට ඇති ශරීර උෂ්ණත්වය උපයෝගි කරගෙන ආසාදිතයින් හදුනාගැනීමේ යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය, මගීන් පරීක්ෂාවට ලක්කරන ආකාරය සහ ගුවන් තොටුපල සෞඛ්‍ය අංශ ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්විය. 

t

o

p