කොරෝනා ජීවිත 80 ක් අහිමි කරයි

January 27, 2020

කොරෝනා වෛරසයෙන් ඊයේ වන විට පුද්ගලයන් 80ක් මියගොස් ඇතැයි චීනයේ ෂින්හුවා පුවත් ඒජන්සිය පවසයි.

පුද්ගලයන් 5700කට වැඩි පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුවී සිටියි.

එයින්  2744 දෙනෙකු වෛරසය ආසාදිතයන් බවට චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබේ.

ඔවුන්ගෙන් 460කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

කොරෝනා වෛරසය තවදුරටත් සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බව චීන බලධාරීන් මාධ්‍යයට පවසයි.

t

o

p