ඩෙංගු වෛරසය මර්ධනය කල නොහැකි වු සෞඛ්‍ය අංශය‍ කොරෝනා වෛරස් දැලේ පැටලෙයි

January 27, 2020

ලෝකයම දරුනු ලෙස භීතියට පත්කරමින් පැතිර යන කොරෝනා චීන වෛරසය ශ්‍රී ලංකාවටද අභියෝගයක් බවට පත්වීමට නියමිතය.පසුගියදා කොරෝනා වෛරසය අසාධිකයන් බවට සැකකෙරෙන තිදෙනෙකු අයි.ඩීතඑච් රෝහලට ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සදහා ඇතුලත් කිරීමෙන් මෙම භීතිය ත්‍රීවු වී ඇත.මෙම සිද්ධි දාමයන් සමග ලාංකීය පොදු ජනයා ද සසල වීමකට ලක් වී ඇත.එසේ වුවද,රටෙහි සෞඛ්‍යය අමාත්‍යංශය හා නිළධාරීන් මෙම අනතුර පිළිබදව නිසි අවධානයක් යොමුකර නොමැති බව අපගේ නිරීක්ෂණයයි.

චීන මකරා ලංකාවට ගිණි පිබියි ද

අද වන විට චීනය තුල 57 දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත්වී ඇති අතර 1700 දෙනෙතුට වෛරසය අසාදනය වී ඇතැයි සැලකේ.එයිනුත් තුන්සිය දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අසාධ්‍ය තත්වයේ පසුවෙති. චීනයට අමතරව මේ වන විට වෛරසය ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී තිබෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට විශ්වාස කරන බවයි. මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ලෝකය තුල මෙසේ දැඩිව වෛරසය පැතිරෙමින් පවතින විට අපගේ සෞඛ්‍ය අංශ මෙි පිළිබදව දැඩි අවධානයකින් පසුවිය යුතු වුවත්,සෞඛ්‍ය අංශයේ ක්‍රීයාකාරීත්වය මන්දගාමී බව පෙනෙන්නට තිබේ.

අප වඩාත් අවධානයට ලක්කල යුතු කරැන වන්නේ ලක්ෂය ද ඉක්මවා යන මෙරට චීන සංක්‍රමිකයන් පිළිබදවය.මෙරට චීන සංක්‍රමිකයන් ඔවුන්ගේ අවුරැදු සැමරීම සදහා චීනය වෙත ගොස් නැවත මෙරටට පැමිනෙන කාලය මේවන විට යෙදී තිබේ.වෛරසය මෙරට පැතිරීම සම්භන්ධව වඩාත්ම බයානක කරැණක් බවට එය පත්ව ඇත.

ඩෙංගු කොරේ පිටට කොරෝනා මරේ වැටීම

දශකයකට අධීක කාලයක් දරුණු  වසංගතයක් ලෙස රට පුරා පවතින,මදුරුවෙකුගෙන් පමණක් පැතිර යන ඩෙංගු වසංගතය වලක්වාගත නොහැකි වු මෙරට සෞඛ්‍ය අංශය ,සුළගින් සහ කිවිසුම් මගින් පැතිර යන කොරෝනා වෛරසයට මුහුන දෙන්නේ කෙසේ දැයි ජනතාව විමසිලිමත්ව බලා සිටිති.වෛරසය නීරෝදානය සදහා සෞඛ්‍ය අංශයේ පුර්ව සහ පසු වෛද්‍ය සැළසුම් කෙරෙහි රජයේ සූදානම පිළිබදව ද අපට ඇත්තේ දැඩි අවිශ්වාසයක් පමණි.

පහත කරුණු පිළිබදව රජයේ සහ සෞඛ්‍ය බලධරයන් අවධානය යොමු කරන්නේනම් මැනවි

01 වෛරසයේ ග්‍රහණයට හසුවී ඇති රටවල් වල සංචාරය කිරීම පිළිබදව රතු නිවේදන නිකුත් කිරීම

02 ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ ප්‍රධාන වරායන් ආශ්‍රීතව ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය උපකරන සහ ක්‍රමවේදයන් සහිත වෛද්‍ය ඒකක පිහිටුවීම

03 වෛරස් ප්‍රහාරයට ලක් වී ඇති රටවල සිට මෙරටට පැමිනීමේ දී මගීන් නිරෝදාන කලාපයකට යොමුකර,වෛරස් ආසාදනය වී නොමැති නම් රටතුළට මුදා හැරීම.

04 අන්තර්ජාල භාණ්ඩ ගෙන්වීමේ සේවය තාවකාලිකව දැඩි නියාමනයකට ලක් කිරීම, වෛරසයේ ග්‍රහණයට හසුවී ඇති රටවල් මගින් අන්තර්ජාල භාණ්ඩ ගෙන්වීම තාවකාලිකව නැවැත්වීම.

05 වෛරසය පිළිබදව විධිමත් ක්‍රමවේදයක් මගින් ජනතාව දැනුවත් කිරීම.වෛරසයේ ග්‍රහණයට රට හසුවුව හොත් එයට මුහුණ දීමට රට සූදානම් කිරීම.

t

o

p