පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා විසින් මෙතෙක් කිසිදු හෝ හඬ පට ඇතුළත් සිඩි තැටියක් පාර්ලිමේන්තුවේ ආදාළ නිලධාරින්ට වෙත භාරදි නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තමා සතු හඩපට සභාගත කරනු ලබන බවට ප්‍රකාශ කිරිමෙන් පසු සි.ඩි තැටි කිහිපයක් සමඟ රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දහනායක මහතා මුණගැසි එම හඬපට භාරදිමට අවශ්‍ය බව පවසා ඇත.
ලිපියක්ද රැගෙන දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇතත් සි.ඩි තැටි භාර නොදි ආපසු ඒවා රැගෙන ගොස් ඇත. එම සි.ඩි තැටි නැවත නිරික්ෂණය කළ යුතු බැවින් ඒවා භාර නොදි රැගෙන යන බව රාමනායක මන්ත්‍රීවරයා එහිදි එම නිලධාරින් වෙත පවසා තිබේ.