රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති එම්.ඒ සුමන්තිරන්

January 25, 2020

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ  තේරීම් කාරක සභාව තීරණය කර ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම සිදු කරන ලදී

මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක  සභාවේ සාමාජිකයන්ද  නම්කර තිබේ. ලබන මස 05 වැනිදා එම නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම කාරක සභාවල සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස්වු අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවනු ඇත.

t

o

p