කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වළක්වන්න සියලු කටයුතු යොදයි

January 25, 2020

ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබදව  විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය මේබව පවසා සිටියාය.

ජනාධිපතුමා මෙන්ම අග්‍රාමාත්‍යතුමා මේ පිළිබදව තමාගෙන් විමසා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවත් මේ අනුව මේරටට පැමිණෙන සියලු ගුවන් මගීන්ට අදාල රෝග ලක්ෂණ ඇත්නම් වහා දැනුම් දෙන ලෙස මේවන විට  දැනුවත් කරන බවත් ඇය සදහන් කළාය.තවද  ගුවන් තොටුපළ මේ සදහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද රදවා ඇති බව ඇය පවසා සිටියාය .

මේ දක්වා ශ්‍රී ලංකාව තුළ  කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සදහන් ඇය වැඩිදුරටත් පවසා සිටියේ උණ රෝගයෙන් පෙළුණු චීන ජාතික දරුවෙකු පිළිබද තොරතුරු වාර්තා වුවද , පසුව එම දරුවා  උණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එය සාමාන්‍ය උණ තත්ත්වයක් බව තහවුරු වූ බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙරටට මෙම වෛරසය ඇතුළු වීමට උපරිම පියවර ගෙන ඇති බව තහවුරු කළාය.

t

o

p