පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

January 24, 2020

සිම්බාබ්වේ හමුවේ සිය අපරාජිත බව තවදුරටත් රැකගත් ශ්‍රී ලංකාව දෙරට අතර හරාරේහි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට ඊයේ (23වැනිදා) සමත් විය.

ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි වූයේය.

සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු170ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කයක් හිමිවිය.

ඒ ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 157ක් ඉදිරියෙන් පසුවූ හෙයිනි.

තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.

සිම්බාබ්වේ පළමු ඉනිම 358/10

ශ්‍රී ලංකාව පළමු ඉනිම 515/09

සිම්බාබ්වේ දෙවැනි ඉනිම 170/10

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 14/0

t

o

p