එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරි මණ්ඩළයට සියලූ සාමාජිකයන් පත් කිරීම ලබන සදුදා

January 24, 2020

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු  සදහා පත්කිරිම්  සියල්ලක්ම මේ වනවිට සිදු කර අවසන් අතර ඉල්ලා අස් වූ විපක්ෂ නායක සජිත්  පේ්රමදාස මහතා යළිත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය  නායකවරයා ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී  මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්රමසිංහල නියෝජ්ය නායක සජිත් පේ්රමදාස, උප නායක රවී කරුණානායක, ජාතික  සංවිධායක නවීන් දිසානායක,  මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුලූ උපදේශක මණ්්ඩලයේ  අනුමැතිය යටතේ සිදුකෙරේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලූ විසදීම සදහා ඡන්දයක්  නොපවත්වන ලෙසට   එක්සත් ජාතික පක්ෂයේ ජ්යෙෂ්ඨයන්, හිටපු අමාත්යවරුන්  සහ  පසුපෙල මන්ත්රීවරුන්  කළ ඉල්ලිමට අනුව අර්බුදයකින් තොරව  එය විසදාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක්රමවේදයක් සකසමින් සිටිතැයි  හිටපු සභානායක  පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

t

o

p