රන්ජන් රාමනායක අත්අඩංගුවට

January 14, 2020

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ, සුවිශේෂි තත්ත්වයක් යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි.

රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 /2 ව්‍යවස්ථාව යටතේ ගැණෙන වැරදි සිදුකර ඇති බවට ආනාවරණය වී ඇති නිසා නීතිපතිවරයා එම නියෝග කර ඇත.

t

o

p