පුද්ගලික බවුසර් සඳහා අල්ලස් ලබා ගනිමින් ගමන්වාර ලබා දෙන නිලධාරින් ගැන විමර්ශන වාර්තාවක්

January 14, 2020

සිලෝන් පෙට්‍රොලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ආයතනයේ ඉන්ධන ප්‍රවාහණ අංශයේ සේවය කරන නිලධාරින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනිමින් පුද්ගලික ඉන්ධන බවුසර්වලට ගහන්වාර ලබා දෙන බවට එම ආයතනයේ සේවක පිරිස් විසින් ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කර ඇත.

එමෙන්ම තමන් හිතු හිතූ වෙලාවට ඉන්ධන බෙදාහැරීම් කාර්යාලය වසා දමා සේවා අඩාල කරන බවත්, ඇතැම් අවස්ථාවල රාජකාරි වේලාවන්හි දි මොවුන් මත්පැන් පානය කරමින් සිටින බවත් එමනිසා ඉන්ධන බෙදා හැරීම් කලට වේලාවට සිදු කිරීමට අපහසුතා මතුවන බවත් එහි සේවක පිරිස පැමිණිළි කර තිබේ.

ඒ අනුව අදාල නිලධාරින් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමන්ට විමර්ශණ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් දෙනු ලැබීය. 

t

o

p