මහමැතිවරණයට මුහුන දීම සදහා රනිල් කරූ සජිත් එකතු විය යුතුයි

January 13, 2020

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් එකට එක්ව  ඉදිරි මහමැතිවරණයට මුහුන දීම තුළින්  සිංහළ බෞද්ධ, සුලූ ජාතින්, මධ්‍යම ප‍්‍රාන්තික  සහ ග‍්‍රාමීය ජනතාවගේද ඡන්ද සියල්ල  එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි බව එක්සත් ජාතික භිකෂු පෙරමුණ ප‍්‍රකාශ කරති.

ජාතික මැතිවරණයකින් පරාජය වී  ඊළඟ ඡන්දයට මුහුන  දෙන අවස්ථාවේදී  කවුරුවත් අවශ්‍ය නැතැයි කියා ප‍්‍රතික්ෂේ්ප කිරීමට කිසිවකුටත්  අයිතියක් නැතැයි එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ මහලේකම් තීනියාවල පාලිත හිමියෝ පැවසූහ.

ඉදිරි මහමැතිවරණයට මුහුන දීම සදහා ඉහත නායකයන් තිදෙනාම එකතු විය යුතු බවට වන යෝජානාව ඇතුලත් සංදේශය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ට භාරදීමට එක්සත් ජාතික භික්ෂුු  පෙරමුණ  පියවර ගන්නා බවද තීනියාවල පාලිත හිමියෝ සදහන් කළහ.

ජනාධිපතිවරණ ප‍්‍රථිඵල අනුව  එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ලැබිය හැකි මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ සුලූ තරය බවට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ එකමුතුකමින් අවස්ථාව ලැබෙතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේ ඇති ප‍්‍රබලම අභියෝගය සිංහල බෞද්ධ ඡන්ද මෙන්ම මධ්‍යම පන්තියත් දිනාගැනීම බව පෙන්වා දුන් තීනියාවල පාලිත හිමියේ ඉහත ප‍්‍රධාන අභියෝග ජයගැනිමට  හැකි හොදම සහ එකම  විකල්පය නායකයින් තිදෙනාගේ  එකමුතුව බවද කියා සිටියහ.

t

o

p