මම බාරගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 කණ්ඩායමක්

January 13, 2020

‘මම බාරගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 කණ්ඩායමක්. අපි අංක 9ට යනකල් කවුරුවත් ඇහුවේ නෑ ඇයි තරග පරදින්නේ. ඇයි අංක 9ට ගියේ කියලා. මම බාරගත්තේ ඒ වගේ කණ්ඩායමක්. ඒ නිසා අපි පිළිගන්න ඕනා අංක 9 කණ්ඩායමක් කියන්නේ දක්ෂතා අතර නැති කණ්ඩායමක් කියලා. ඉතිං දක්ෂතා නැති කණ්ඩායමක් ඉහළට ගේන්න සෑහෙන්න කාලයක් යනවා. පන්තියේ ළමයි වැඩ කරන්නේ නැතිනම් මොනිටර් මාරු කරලා හරි යන්නෙ නෑ. ඒත් ඒක විසඳුමක් නම් ඒකටත් මම ලෑස්තියි.’ මාලිංග එසේ කීවේය.

‘කවුරුහරි කියනවානම් නායකත්වය තමයි පරාජයට හේතුව කියලා. මට අහන්න වෙන්නේ පන්තියේ ළමයින්ගේ ප්‍රතිඵල හරි නැත්තම් පන්තියේ නායකයා මාරු කරන එකද හරි කියලා. එහෙමනං මම ඒකට ඕනෑම වෙලාවක ලෑස්තියි. මොකද මම ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. මට ජයග්‍රහණය කරවන්න පුළුවන් නම් මම තනියෙන් ජයග්‍රහණය කරවනවා. මම ඒක කරලත් තියෙනවා. මින් ඉදිරියට මට ඒ දේ කරන්න බැරිනම් මම ඕනෑම වෙලාවක යන්න ලෑස්තියි.’ ඔහු වැඩි දුරටත් කීවේය.

t

o

p