එමි­රේට්ස් වෙතින් ‘Fly Better’ විශේෂ ගුවන් ගාස්තු

January 13, 2020

මේ අළුත් අවුරුද්දේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට නවමු අත්දැකීමක් එක් කරමින් එමිරේට්ස් විසින් ලෝකයේ සුප්‍රසිද්ධ ගමනාන්ත වෙත අඩු පිරිවැයකින් ගමන් කිරීම සඳහා 2020 වසර වෙනුවෙන් ‘Fly Better’ විශේෂ නව ගුවන් ගාස්තු නිවේදනය කර තිබේ.

2020 ජනවාරි 07 වන අඟහරුවාදා සිට 2020 ජනවාරි 20 වනදා දක්වා මිල දී ගන්නා ටිකට්පත් සඳහා මෙම විශේෂ ගුවන් ගාස්තු වලංගු වන අතර 2020 ජනවාරි 13 වනදා සිට 2020 නොවැම්බර් 30 වනදා දක්වා මෙම ගුවන් ටිකට් පත් මගින් සංචාරය කළ හැකිබව ගුවන් සමාගම සඳහන් කරයි. මෙම විශේෂ ගුවන් ගාස්තු පවතින ගුවන් ගාස්තුවලට වඩා 20% ක් දක්වා මිල අඩු කිරීමක් නියෝජනය කරන බව එමිරේට්ස් සමාගම සඳහන් කරයි.

මේ අනුව, පවතින විනිමය අනුපාත යටතේ ඉකොනොමි පන්තියෙන් ඩුබායි වෙත සංචාරය කිරීමේ ගාස්තු සියලු බදු ඇතුළත්ව ඇමරිකානු ඩොලර් 342 කින් (රුපියල් 62, 600 කින්) ආරම්භ වන අතර පැරිසිය වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 531 කින් (රුපියල් 97, 000 කින්) ද, ලන්ඩනයේ හීත්‍රෝ වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 715 කින් (රුපියල් 130, 900 කින්) ද, නයිරෝබි වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 876 කින් (රුපියල් 160, 400 කින්) ද, නිව්යෝර්ක් වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 900 කින් (රුපියල් 164, 800 කින්) ද, ඩුබායි හරහා මෙල්බර්න් වෙත සංචාරය කිරීම ඇමරිකානු ඩොලර් 836 කින් (රුපියල් 153, 100 කින්) ද ආරම්භ වේ. මෙම ගුවන් ගාස්තු වෙනුවෙන් රුපියල්වලින් ගෙවිය යුතු මුදල ගෙවීම් කරන දිනයේ විනිමය අනුපාත අනුව තීරණය වනු ඇත.

t

o

p