රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කපා දැමීම – රාජ්‍ය සේවකයින්ට සිදුවන සෘජු බලපෑම කුමක්ද?

January 13, 2020

2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක ලේඛන අංක 18/2015(IV) මගින් රාජ්‍ය සේවකයින් 9200 කට සෘජු මුල්‍ය පාඩුවක් සිදුවන බව හිටපු ඌව, දකුණ හා මධ්‍ය පළාත් ආණ්ඩුකාර රජිත් කීර්තිි තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   රාජ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද, වසර 6 කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණ්යේ නිලධාරියෙකුට රු. 10,000 ක ශුද්ධ පාඩුවක් ද මෙම චක්‍ර ලේඛනය නිසා සිදුවේ. වසර 6 ට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන්ට රු. 12,000 ට වැඩි මුල්‍යමය පාඩුවකි. විශේෂ ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට ශුද්ධ මුල්‍යමය පාඩුවක් නැත.

මෙම දීමනා කප්පාදු කොට ඇති නිලධාරීන් වන්නේ පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, ක්‍රම සම්පාදන සේවය, විද්‍යාත්මක සේවය, කෘෂිකාර්මික සේවය යි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 2200 කට මෙම දීමනා කප්පාදුව බලපානු ඇත. අධ්‍යාපන පරිපාලන සේවයේ සියළුම නිලධාරීන්ට මෙම තත්වය බලපානු ලබයි. ක්‍රම සම්පාදන සේවයේ 800 කට පමණ ද, ගණකාධිකාරි සේවයේ 1600 කට ද, අධ්‍යාපන පරිපාලන සේවයේ 2697 කට ද, ‘අතට ලැබෙන මුදල‘ මෙම චක්‍රලේඛනය නිසා අහිමි වේ. අධ්‍යාපන පරිපාලන සේවයේ 238 දෙනෙකුට රු. 5000 බැගින් ද, 2449 දෙනෙකුට රු. 10,000 බැගින් ද වන මුදලක් අහිමි වේ.

රජයේ විදයම් පාලනය කිරීම සදහා නිලධාරීන්ගේ දීමනා පමණක් කපා දැමීම කිසි ලෙසකින් හෝ යුක්ති සහගත නොවේ.

t

o

p