වතු කම්කරු වැටුප වැඩි නොකළ හොත් මහාමැතිවරණයේදී ඡන්දය දැමීම වර්ජනය කරනවා!

January 13, 2020

පහත රට වතුකරයේ බහුතරයක්වූ හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් යුතුව තෛයිපොන්ගල් උත්සවය මෙම 15 වන දින සමරති. ස්භාවදහමට ලැදියාවෙන් යුතුව සූර්යාට හා ගව මහේෂාදීන්ට කෘත ගුණ සැලකීම මුල් කරගෙන පැවැත්වෙන තෛයිපොන්ගල් උත්සවය තුළින් වසර පුරාම ඔවුන් ස්භාදහමේ හා දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙති.

ඉර හද මෙන් විශ්වාස කරමින් බලයට පත්කළ පාලකයා ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි කම්කරැ වැටුප රැපියල දහස දක්වා වැඩි කිරීම දිගින් දිගටම මගහරිමින් සිටිති. අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළයාම, විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිවීම, පාසැල් ළමයින්ගේ පොත්පත් ආදිය මිලට ගැනීමට නොහැකිවීම යන කරැණු නිසා  මේ වතුකම්කරැවා අන්ත අසරණ තත්වයට පත්ව ඇත.

දේශපාලකයින් කෙරෙහි විශ්වාසයක් නැති පහත රට වතු කම්කරැවන් අප ඉදිරි මැතිවරණයට පෙර වතු කම්කරැ වැටුප් ගැටලුවට කඩිනම් විසදුමක් නොලැබුනොත් මෙවර මහමැතිවරණයේදී ඡන්දය වර්ජනය කිරීමට කටයුතු කරන බව රජයට අවධාරණය කර සිටිමු.

t

o

p