පක්ෂය සමගිව මහමැතිවරණයට යමුයැයි රනිල් කල යෝජනාවට සැමගේ සහය

January 10, 2020

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණයට එක් කණ්ඩායමක් ලෙස ඉදිරිපත්ව ජයග්‍රහණය කල යුතු බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යොජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කර ඇත.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (09) පැවැති පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම යොජනාව සම්මත වී තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විනි.

පස්වරු 4.00 ට ආරම්භ වූ මෙම රැස්වීම රාත්‍රි 7.30 වන තෙක් පැවැත්විනි.

එහිදී රනිල්, සජිත්, කරු ත්‍රිත්වයේ සහභාගිත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා යොජනාවක් ඉදිරිපත් කළ අතර ඊට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය විරෝධය පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් අදහස් පළ කළ අතර එක් අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතා තමාට නායකත්වය දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ආයාචනා කර ඇත.

මේ අවස්ථාවේ එය ක්ළ නොහැකි බව පක්ෂ නායකයා පෙන්වා දී ඇත.

අවසානයේ සජිත් පාර්ශවය මේ ගැන අධ්‍යනය කිරීමට කල් ඉල්ලා ඇති අතර ඒ අනුව ලබන 16 දා යළි රැස් වී අවසන් තීන්දුව ගැනීමට තීරණය වී ඇත.

t

o

p