එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් අද සිරිකොතදී

January 9, 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද 09 දා පස්වරුවේදී රැස්වීමට නියමිත බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

t

o

p