මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 24ක ජල කප්පාදුවක්

January 6, 2020

මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 9 සිට පැය 24ක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොච්චිකඩේ, සීදූව, පිටිපන, දුන්ගාල්පිටිය, බසියාවත්ත, පමුණුගම සහ කටාන ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු බවටත් කටුනායක ආයෝජන කලාපයට, ගුවන් හමුදා කඳවුරට සහ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

t

o

p