ලොත­රැයි මණ්ඩල ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යාගේ චෙක්පත අග­මැති අතින්

December 23, 2019

එදා මෙදාතුර සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213ක මුදල පසුගිය ඔක්තෝම්බර් 27 වැනි දින පවත්වන ලද ‘කෝටිපති කප්රුක” 513 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර, මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්ත මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

එම ජයග්‍රාහී ලොතරැයි පත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්. ජී. සෝමා ප්‍රියන්ති මහත්මිය විසිනි. තව ද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැරැණිම ලොතරැයිපතක් වන ශනිදා වාසනාව ලොතරැයියේ 3267 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.71,705,310ක මුදල දිනා ගත් වාසනාවන්තයා වූ හොරණ ප්‍රදේශයේ ඩී. කේ. කුමාර මහතාට ද අදාළ චෙක්පත ප්‍රදානය කිරීම එදිනම අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කොළඹ අලෙවි නියෝජිත ටී. එන්. එස්. කුමාර මහතායි. මේ අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශ සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති දිලිප් සිල්වා, සාමාන්‍යාධිකාරි, අනුර ජයරත්න මහත්වරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි), චානක දොඩන්ගොඩ, සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්) කසුන් ජයසූරිය මහත්වරු සහභාගි වූහ.

t

o

p