අදත් තද වැසි – අයහපත් කාලගුණයෙන් 64,000ක් පිඩාවට

December 23, 2019

අයහපත් කාලගුණ තත්වයෙන් හේතුවෙන් පවුල් 18,840 අයත් පුද්ගලයින් 64,608 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් 5,255 කට අයත් පුද්ගලයින් 17,766 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 126ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.  

ආපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 03ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 16,836කි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව.2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

දිවයින පුරා වැසි තත්ත්වය අද(23) දිනයේදී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.   ඒ අනුව උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100-150 පමණ ඉතා වැසි ඇතිවිය හැකිය.

t

o

p