ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පාලනයට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ජීවිතක්ෂයට

December 22, 2019

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආසන්නයේ පැතිරෙමින් පවතින ලැව්ගිනි මැඩපැවැත්විමට ගිය ස්වෙච්ඡා ගිනි නිවන භටයන් දෙදෙනකු හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.

ලැව්ගිනි පැතිරෙමින් පවතින ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබූ ගිනි නිවන රථය මතට ගසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ අක්කර මිලියන තුනකට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබේ.

t

o

p