කැලණි පාලමේ එක් මං තීරුවක් තාවකාලිකව වැසේ

December 17, 2019

කැලණි පාලම අබියස මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළු වීමේ මං තීරු දෙකෙන් එකක වාහන ධාවනය අද පෙරවරු 6 සිට තාවකාලිකව සීමා කළ බව වරාය හා නාවික කටයුතු හා මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වරාය හා නාවික කටයුතු හා මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පොලීසිය සමග එක්ව සිදුකරන රථවාහන ධාවන සැලැස්මේ පෙරහුරුවක් අද  ක්‍රියාත්මක වෙයි.

රථ වාහන තදබදය අවම කර ගැනිම සදහා අද දිනයේ සිට කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් සැහැල්ලු වාහන සහ බස් රථ පමණක් කොළඹ දෙසට පැමිණීම සදහා විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළහැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කන්ටේනර් සහ ලොරි රථ සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොළඹ මීගමුව “ඒ තුන” මාර්ගය භාවිත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

t

o

p