එළවළු මිල ඉහල ගියද තොග වෙළදුන් තමන්ගෙන් එළවළු මිල දි ගන්නේ සොච්චම් මුදලකට

December 17, 2019

දේශිය වෙළදපොලේ එළවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද තම ගොවිපොලවල් වල එළවළු අස්වැන්න තොග එළවළු වෙලෙන්දන් මිල දි ගන්නේ ඉතා සොච්චම් මිලකට බව උඩරට එළවළු ගොවිහු චෝදනා කරයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට සහ දිවයිනේ එලවළු වගා කරන අනෙකුත් ප්‍රදේශවලට පසුගිය කාලයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාව විනාශ වි ගිය බවත්, පැවති වර්ෂාවත් සමග නිසි මුරයට එලවළු වගා කිරිමට නොහැකි වු නිසා මේ දිනවල වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබාදිමට ගොවින්ට නොහැකි නිසා ගොවින් සතුව ගොවිපලේ තිබෙන එලවළු අස්වැන්න ඉතා අඩු මිලට තොග වෙලදුන් රැගෙන ගොස් එම එලවළු ඉතා අධික මිලකට අලෙවි කරන බවයි ගොවින් චෝදනා කර සිටින්නේ.

එලවළු වගා කරන ගොවින්ට වඩා අතරමැදියන් වැඩි ලාභයක් උපයන බවත්, එම නිසා ගොවින් ඉතා අසරණ වි සිටින බවයි උඩරට එලවළු ගොවින් කියා සිටින්නේ.

t

o

p