ආසියාවේ හොඳම දේපළ වෙළඳාම් ව්‍යාපෘතිය THE ONE–SRI LANKA

December 14, 2019

ආසියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතරින් පළමු තැනට පත්වෙයි. දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ The One Transworks Square පුද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් හී පසුගියදා පැවැති PropertyGuru Asia Property Awards 2019 හිදී ප්‍රදාන පෙළේ සම්මානයකට හිමිකම් කියන ලදී. මෙම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් එක් කිරීමට සමත්ව ඇත.

මෙම Propertyguru Asia Property Awards යනු දේපොළ වෙළෙදාම්, සංවර්ධන කාර්යයන්, සැලසුම් නිර්මාණ සහ නව්‍යකරණය ආදී ක්ෂේත්‍රවල ඉහළම පිළිගැනීමට ලත් ඇගයුම් විශිෂ්ටතා සම්මාන උළෙලකි.

“දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ඔස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, පිලිපීනය සහ මියන්මාරය ඇතුළු රටවල නිර්දේශිත සමාගම් 8ක් අභිභවමින් ත්‍රිත්වයකින් සමන්විත THE ONE – SRI LANKA ඉදිකිරීම් ව්‍යාපෘතිය විසින් ආසියාව සඳහා වන මෙම Best Mixed Use Development සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා. දේපළ සංවර්ධනයේ යෙදෙන්නකු ලෙසින්, කලාපයේ ඉහළම දේපළ වෙළෙඳාම් සමාගමක් ලෙසට ශක්තිය වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සහතිකයක් බවට මෙම විශිෂ්ට ඇගයුම් පත්වනු ඇතැයි පවසා සිටියේ සමාගමේ The One Transworks Square හී ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂක ජානකී සිරිවර්ධන මහත්මියයි.

t

o

p