ජනපති නම විකුණන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න

December 14, 2019

ජනාධිපතිවරයාගේ හා ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සහ ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව සඳහන් කරමින් යම් යම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධාකාරයේ බලපෑම් කිරීම් බියගැන්වීම් හා රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වීම් වැනි නොයෙක් ආකාරයේ වංචනික කටයුතු සිදුකරන බවට වාර්තා වී ඇත.

මෙවැනි ක්‍රියා ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති කාර්යාලයේ අනුදැනුමකින් තොරව සිදුවන බව මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙන අතර එවැනි ක්‍රියා පිළිබඳව තොරතුරු ලද වහාම පොලිස් ස්ථානයක් වෙත දන්වන ලෙසත්ල එවැනි ක්‍රියාවලට හසුනොවන ලෙසත් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

t

o

p