අයහපත් කාලගුණයක් ඇතිවුවහොත් සා.පෙළ සිසුන් ආසන්නතම විභාග මධ්‍යස්ථානයට

December 2, 2019

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනි සිටින අතර  දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.

විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

අයහපත් කාලගුණ තත්ත්වයක් ඇතිවුවහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් ආසන්නතම විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

t

o

p