සෝමාවති පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

December 2, 2019

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමාවති පුදබිම ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමවති පුදබිම උතුම් පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ ගැසට් නිවේදනවලට අත්සන් තබමින් හිටපු ජනාධිපතිවරයා සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී අවසන් කරන ලදී.

ඊයේ (01) උදැසන සෝමාවති පුදබිමට පැමිණි හිටපු ජනාධිපතිවරයා විසින් ඓතිහාසික සෝමාවති රජමහා විහාරය හා ඒ ආශ්‍රිත පුරාවිද්‍යා ස්මාරක පිහිටා ඇති ප්‍රදේශය ” ඓතිහාසික සෝමාවති පුජාභුමි කලාපය” නමින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමේ සන්නස් පත්‍රය සෝමාවති රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් වෙත පූජා කළේය.

t

o

p