අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 2000ක් අවතැන්

December 1, 2019

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට අයත් පුද්ගලයන් 2200ක් පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්  කරයි.

දිස්ත්‍රික් රැසකට ඊයේ තද වැසි ඇති වි ඇත.මේ හේතුවෙන් අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් පීටාර මට්ටමට ළගා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්ක නායයෑමේ අවදානම් සහිත දිස්ත්‍රික් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල කිරවනාගම මාර්ගය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැලිමඩ මාර්ගය, බදුල්ල – පස්සර මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මේ අතර අද වයඹ, සබරගමුව, බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත්වලටත් මන්නාරම, අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p