ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න

November 24, 2019

මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන හල්ඔළුව රණවිරු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 19 ක් වන සසංගිකා හිමංශී දැරියගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. 

එම සැත්කම සඳහාරුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද වෛත්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

මහනුවර  පුෂ්පදාන බාලිකා විදුහලේ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබන සසංගිකා හිමංශි දැරිය පසුගිය අගෝස්තු මස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටී. 

පාසැලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වන ඇය කැඩේට් කණ්ඩායමද නියෝජනය කර ඇති අතර විවිධ ක්‍රීඩා අංශයෙන්ද ඇය සහජ දස්කම් පෙන්වා තිබේ.

හිමංශිගේ පියා වන ඩී.ජී. ලයනල් මහතා පෞද්ගලික බස්  රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන අතර ඔහුට මේ තරම් විශාල මුදලක් සොයා ගැනීම අපහසු බවත්,  තම දැරියගේ සැත්කම සඳහා ආධාරයක් ලබා දෙන ලෙසත් ඔහු  සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. 

දැරියගේ මව වන ඉන්ද්‍රා මහත්මියද කිසිදු රැකියාවක් නොකරන අතර දැරියගේ එකම සොහොයුරිය ද උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.

මෙම ත්වය  මෙම පවුලට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බැවින් මෙවන් විශාල මුදල් ප්‍රමාණයක්  සොයා ගැනීම අපහසු වී ඇති බැවින්  ඒ සඳහා ජනතාවගේ උපකාර ඔවුහු අපේක්ෂා කරති.

මෙම දැරියගේ මොළයේ  (Ventricular  tumour) සැත්කමක් කළ  ඉතා ඉක්මනින් කළ යුතුව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 25 ක මුදල් ප්‍රමාණය සොයා  ගැනීම සඳහා තම ඥාතින් හිතවතුන් විශාල වෙහෙසක් දරමින් සිටින බවත් මේ තරම් විශාල මුදලක් ඉක්මනින් සොයා ගැනීම  රියැදුරු රැකියාව කරන තමන්ට නොහැකි බවත් ප්‍රකාශ කරන පියා වන ලයනල් මහතා තම දැරියගේ සැත්කම සඳහා උපකාරයක් කළ හැකි අයගෙන් ආධාරයක් බලාපොරොත්තු වෙයි.

මේ සඳහා සසංගිකා හිමංශි නමින් කටුගස්තොට මහජන බැංකුවේ විවාත කර ඇති අංක, 003-2-001-2-0106704 දරණ ආධාර  මුදල් බැර කරන ලෙස දැරියගේ  පියා ඉල්ලා සිටී. 

දැරියගේ  ලිපිනය අංක 193/4,රණවිරු මාවත හල්ඔළුව   මහනුවර වේ. 

මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර 0715 972 207  දරණ පියාගේ  දුරකථන අංකයෙන්  ලබා ගත හැකිය.

t

o

p