නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය පාකිස්තානයට

November 24, 2019

නැගී එන කණ්ඩායම් අතර බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත් වුන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරගයෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම ලකුණු 77කින් පරාජය කරමින් කුසලානය දිනා ගැනිමට පාකිස්තාන නැගී එන කන්ඩායම  සමත් විය.

පාකිස්තාන නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවි  සංඛ්‍යාව 301ක් රැස් කලේය.ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සත්කාරක බංග්ලාදේශයට පන්දුවාර 43යි පන්දු 3කදී සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 224ක් පමණයි.

ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට පාකිස්තාන නැගී එන කන්ඩායම සමත් විය.

t

o

p