මන්ත්‍රීධූරය අහෝසි කළොත් නඩු

November 24, 2019

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා පවසයි

තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ  මන්ත‍්‍රීවරයා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදීත්  ඒ වෙනුවෙන් ක‍්‍රියා නොකළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ට පෙර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ  පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව එම පක්ෂයේ නියෝජිතයන් පැවසීය.

t

o

p