පාරිභෝගික අධිකාරියේ සභපති‌ගෙන් සිමෙන්ති සමාගම් පහකට තෑගි – සිමෙන්ති 100 කින් ඉහළට

November 22, 2019

සිය තනතුරෙන් නික්මයාමට පෙර සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහල දැමීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇත. ඒ  අනුව මෙතෙක් රැපියල් 995.00 කට අලෙවි කල සිමෙන්ති කොට්ටයක මිල දැන් මිල වන්නේ රැපියල් 1095.00 කි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. පාරිභෝගික කටයුතු අධිකාරිය  විසින් පිරිවැය සළකා බලා සිමෙන්ති මිල වැඩි කිරීම සදහා සමාගම් වලට අවසර දෙනු ලබයි.

මෙවර පිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සදහා සමාගම් පහකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා හා අදාල අංශයේ අධ්‍යක්ෂකවරිය අවසර දී ඇත්තේ නීති විරෝධි අකාරයට වීම හා ජනතාව බලාපොරොත්තු තබා සිටි නාකකයා ජනාධිපති ධූරයේ දිව්රැම් දුන් පසුව මෙසේ වීස මෙහි ඇති විශේෂත්වයයි.

කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල ඡායාරුප ගැලවීම සදහා පමණක් නොව ජනතාවගේ නිවාස සිහිනය සැබෑකර ගැනීම සදහාද නව ජනාධීපතිවරයා කෙරෙහි අප බලාපොරොත්තු තබාගෙන ඇති බව මෙම අවස්ථාවේ අවධාරණය කරමු.

අනීතික ලෙස සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දීම වහා හකුලා ගන්නා ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

t

o

p