ජනාධිපතිවරණ ප‍්‍රතිඵල පිලිබද එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂනයක්

November 21, 2019


ජනාධිපතිවරණ ප‍්‍රතිපල විශ්ලේෂණය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.


ජනාධිපතිවරණ ප‍්‍රතිපල පූර්ණ ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු  සිංහල බෞද්ධ ඡුන්ද පදනම දිනාගතහැකි  පක්ෂයේ   පූර්න ප‍්‍රතිවි්‍යුහගත කිරීම කඩිනම්න් ආරම්බ කරන බව එක්සත් ජාතික පක්සයේ මහලේකම් අකිල  විරාජ් කාරියවසම් මහතා  ප‍්‍රකාශ කළේය.


එක්සත් ජාතික පක්ෂය විසින් මේ වනවිට සිදුකර ඇති ප‍්‍රතිපල විශ්ලේෂණයට අනුව  ප‍්‍රතිවාදි අපේක්ෂකට මිලියන 6.5ක සිංහල ඡුන්ද පදනමක් ලැබෙද්දී එක්සත් ජාතික පක්ෂ  අපේක්ෂකයාට හිමිව ඇත්තේ එම ඡුන්ද වලින් මිලියන  4ක් පමණයි.


එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කර ඇති  ජනාධිපති අපේක්ෂකයා  නියෝජනය ඇති දිස්ත‍්‍රික්කය මෙන්ම ආසනයද වැඩි ඡුන්ද විශාල සංඛ්‍යාවකින් පරාජයට පත්වීම ගැන දැනට කර ඇති විශ්ලේෂනයේ තොරතුරු ඇතුලත් වේ.


ජනාධිපතිවරණයේදී ඡුන්දය පාවිච්චි වුනු ආකාරය සම්බන්ධයෙන්  පූර්න විශ්ලේෂණය කර යථාර්ථයට මුහුන දෙමින්  සිංහල බෞද්ධ  පදනම දිනාගත හැකි තරුණ  නායකත්වයක් ගැනද අනාගතයේදී එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කිරිමට තීරනය කර ඇත.

t

o

p