විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී

November 22, 2019

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පි මෙන්ම කතෘවරයෙකු වන විජය සෝමරත්නයන් අධ්‍යක්ෂණය කළ “ගිරේ” නාටය්‍ය එළඹෙන 23 වැනිදා සවස 6.00ට කැලණිය සංස්කෘතික රඟහලේදි වේදිකාගත කෙරේ. මෙහි සංගීතය අජිත් රත්නායකයන්ගෙන් වන අතර කථනය අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චිගෙනි.

ප්‍රවීණ වේදිකා නාට්‍යවේදියකු වන විජය සෝමරත්න මහතා “සුරපුරෙන් තහංචියක” නාට්‍යයෙන් වේදිකාවට පිවිස නාට්‍ය ගණනාවකම රංගනයට දායකවී තිබේ. මොනවද මේ කතා, සුදනා මමයි නාට්‍ය නිර්මාණය කරමින් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසි ඒ මහතා සත්‍යයේ පන්හිද, චට පටාස් , නොකර සද්ද, වැට නැති කට ග්‍රන්ථ එළිදක්වමින් රචකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

වසර 35කට අධික කාලයක් සාහිත්‍යකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටින විජය සෝමරත්න මහතා ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන සිතක සුවඳ ජනගත කිරිමටද සුදානමින් සිටී.

t

o

p