මහින්ද හලන දිලිත්ගේ හා මහින්දානන්දගේ යටිකූට්ටු ගේම එලියට

November 20, 2019

නව ජනපතිවරයකු පත්වී උණුසුම යන්නටත් මත්තෙන් ලාංකීය දේශපාලනය උඩු යටිකුරු කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෞරවාන්විතව අගමැතිකමින් ඉල්ලා අස්විම හේතුවෙන් නව අගමැතිවරයකු තව පැය කීපයකින් පත් වීමට නියමිතය.

ජනතාව විසින් ලක්ෂ 69 වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෝඨාබය රාජපක්ෂ වැනි දේශපාලන කිරිකොඩුකරුවකුට ලබා දුන්නේ මහින්ද රාජපක්ෂගේ නිර්දේශය මත හා ඔහුගේ අගමැති කම රටට අවශ්‍ය වන මොහොතක් රට පසු කරමින් යන අවස්ථාවකදීය .

ජනතාව ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමාට වඩා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා මත විශ්වාසය පළ කරමින් කතිරය ගෝඨාට පුදකළේ මහින්ද රාජපක්ෂගේ ජනකාන්ත බව හා ජනතා සිතුම් පැතුම් හඳුනන ගති පැවතුම් නිසාවෙන්ය .

නමුත් මේ වනවිට අපට ආරංචි වන ආකාරයට ලාංකීය දේශපාලනය ගිනියම් කරමින් ජනපති ගෝඨාබය රාජපක්ෂ හා දේශපාලන ඩිල් වංශකතාවේ නියමුවෙක් වන දෙරණ මධ්‍යයේ දිලිත් ජයවීර හා නාවලපිටිය ආසනයවත් දිනා ගැනීමටවත් හැකියාවක් නොමැති මහින්දානන්ද අලුත්ගමගේ යන තුන් ඇදුතුවන් මේ වනවිටත් ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ව සැබෑ ජන වරමට පිටුපාමින් නව රජයේ අගමැති කරන්නට යාමේ සැලසුමක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තුලින් එජාප සන්නිවේදන බලකායට ආරංචි වී ඇත .

එජාපය විසින් මෙම ප්‍රශ්නය වේදිකාව තුල අනතුරු ඇඟවීම් කල අතර මෙම සැලසුම ක්‍රියාත්මක වුවහොත් මෙය සැබෑ ජනවරම අමු අමුවේ දුෂණය කිරීමක් ලෙස දේශපාලන ඉතිහාසයට එක් වනවා නොඅනුමානය.

t

o

p