ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

November 19, 2019

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර තිබෙනවා.

2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉකුත්දා සහභාගි නොවීමට තීරණය කර තිබුණේ එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් සුරංග ලක්මාල් ද ලබන දෙසැම්බර් මාසයේ පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කරයි.

t

o

p