ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? තීන්දුව හෙට

November 19, 2019

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද නැද්දැයි යන්න හෙට (20) පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීම්කදී තීරණය කිරිමට නියමිතය. එක්සත් ජාතික පක්‍ෂ නායක
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරිණයේදී පැවැති පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමේදී මෙම තීරණයට එළඹී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී නැත.

බදාදා (20) එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක රැස්වීමේ දී ගන්නා තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ද සාකච්ඡා කොට එකගතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි. පාර්ලිමේන්තුව වහාම කැඳවා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහාය දිය යුතු බවට මන්ත්‍රී කණ්ඩායමේ දී සාකච්ඡා වූ බව පැවසේ.

.

t

o

p