ඉල්ලා අස් වීම් සාමූහික තීන්දුවකට

November 19, 2019

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමෙන් පසු ආණ්ඩුව යම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන අතර කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු ,කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙක් මේ වන විට සිය අමාත්‍යධූරවලින් ඉවත් වී ඇත.

කණ්ඩායමක්, ආණ්ඩුව නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට භාර දිය යුතු බවට කරුණු දක්වා ඇති අතර තවත් කණ්ඩායමක් පවසා ඇත්තේ තවදුරටත් එජාප පෙරමුණ ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවයි. 

මහ මැතිවරණයකට යාම සම්බන්ධයෙන් ද අදහසක් මතුව ඇති නමුත් මේ මොහොතේ ආණ්ඩුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමි විය යුතු වෙයි.

අනිද්දා (20) දිනයේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා එහිදී තීන්දුවක් ගැනීමට නියමිත බව ද වාර්තා විය. 

t

o

p