ඉදිරි පියවර ගැනීමට සියලු මන්ත්‍රීවරුන් රැස්වේ

November 18, 2019

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අද(18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පකෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදි අද පසුවරු 2.00ට රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට නියමිත බව ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා, සමාජප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත‍්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් කැබිනට් අමාත්‍යවරුන් ඊයේ(17) පස්වරුවේ අගමැතිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙම රැස්වීමේදී මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්චා කළ බවත් පැවසූ මනෝ ගනේෂන් මහතා ආණ්ඩුව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වනවාද, මහහමැතිවරණයක් පැවැත්විමට සහයෝගය දෙනවාද ආදි කරුණු සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

t

o

p